උල්කාපාතයක ජල අංශු

පසුගිය පෙබරවාරි මාසයේ දී බ්‍රිතාන්‍යයේ Gloucestershire නගරයේ Winchcombe හි ධාවන පථයකට උල්කාපාතයක් කඩා වැටී තිබේ.
එම උල්කාපාතයෙන් ජල අංශු සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් සමත් ව තිබේ.
බ්‍රිතාන්‍ය ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ග්‍රහලෝක ද්‍රව්‍ය සමූහයේ පරීක්ෂකයෙකු වන ඈෂ්ලි කිං පවසන්නේ අදාල නියැදියෙන් 12%ක් පමණ ජලය අඩංගු බවයි.
එම ජලයේ සංයුතිය පෘථිවි සාගරවල ජලයේ සංයුතියට බෙහෙවින් සමාන බව ද ඔහු පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පල කළ ඈෂ්ලි කිං ප්‍රකාශ කරන්නේ උල්කාව පොළොවට වැටී පැය 12ක් යෑමටත් පෙර පරීක්ෂණ කටයුතුවලට යොමු කිරීමට හැකිවූ බැවින් මෙය පෘථිවියේ ජලය සහ වෙනත් ද්‍රව්‍යවලින් දූෂණය නොවූ බවට සැකයක් නොමැති බවයි.
264 Views
Comments