දෙවැනි එලිසබත් මහ රැජිණගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

දෙවැනි එලිසබත් මහ රැජිණගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි

දෙවැනි එලිසබත් මහ රැජිණගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි

බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම් දුන් බව බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

 

රාජකීය මී මැසි පාලකයා ලෙස කටයුතු කරන්නේ 79 හැවිරිදි ජොන් චැපල්ය. එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව සහ මහ රැජිනගේ පුතු චාල්ස් කුමරු තෙවැනි චාල්ස් යන නමින් කිරැළ පැලැඳීම, මී මැස්සන්ට දැනුම් දීම සාම්ප්‍රදායිකව ක්‍රියාවලියක් යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.

 

රැජිනගේ අභාවය සහ චාල්ස් කුමරු කිරුළු පැලඳීම, බකිංහැම් මාලිගයේ සහ ක්ලැරන්ස් හවුස් මන්දිර ගෙවත්තේ මී මැසි ජනපදවලට දැනුම් දීම සිදුවූයේ කළු පැහැයෙන් යුත් රිබන් පටි එම මී මැසි ජනපදවල රඳවමිනි.

 

“ඒක රජ පවුලේ සම්ප්‍රදායට අනුව සිදුවන්නක්. මහ රැජිනගේ අභාවයෙන් පසු මී මැස්සන්ගේ නව ස්වාමියා තෙවැනි චාල්ස් රජු බව මී මැස්සන්ට දැනුම් දීමක්. මී මැස්සන්ට ජනපදයෙන් යන්න එපා යැයි මා පවසන්න ඕනෑ. මී මැසි ජනපදයට ළං වෙලා තට්ටු කරමින් මා ඒ බව ඔවුන්ට කියන්න ඕනෑ. සාම්ප්‍රදායට අනුව වැඩ සිදුවෙන්නේ එහෙමයි.” යැයි ජොන් චැපල් පවසා තිබේ.  

views

354 Views

Comments

arrow-up