සඳ ගමන නැවතත් කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

සඳ ගමන නැවතත් කල් යයි

සඳ ගමන නැවතත් කල් යයි

නාසා ආයතනය විසින් සඳ වටා ගමන් කරවීමට සැලසුම් කර තිබෙන Artemis 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල්දමා තිබේ.

 

මෙම රොකට්ටුව පළමු වරට පසුගිය සදුදා දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී එහි ඇති වූ හයිඩ්‍රජන් කාන්දුවක් හේතුවෙන් එය දියත් කිරීම කල් දැමීමට සිදුවිය.

 

ඊයේ (03) දිනයේ එය නැවත දියත් කිරීමට සූදානම්ව තිබූ නමුත් එය නැවතත් කල් දැමීමට සිදුව ඇති බව නාසා ආයතනය පවසයි.

 

නාසා ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති ප්‍රබල තම රොකට්ටුව වන මෙය දියත් කිරීමේ මට්ටමට ගෙන ඒමට මෙතෙක් හැකිවී නොමැත.

 

නාසා ආයතනය පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ රොකට්ටුව යථා තත්ත්වයට පත්කර දියත් කිරීමට නියමිත බවයි.

 

රොකට්ටුව කක්ෂගත කර දින 42කට පසු එය නැවත පෘථිවිය ළඟා වීමට සැලසුම් කර තිබේ.

views

284 Views

Comments

arrow-up