දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සඳහා දින නියම වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සඳහා දින නියම වෙයි

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සඳහා දින නියම වෙයි

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 19 වනදා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ හි දී පැවැත්වීමට නියමිතය.

 

බකිංහැම් මාලිගාව මේ පිළිබදව තහවුරු කර තිබේ.

 

දේහය ලබන අඟහරුවාදා ලන්ඩනයට ගෙන යෑමට පෙර ඉරිදා බැල්මොරල් මාලිගාවේ සිට එඩින්බරෝ වෙත ගෙන යාමට නියමිතය.

 

පසුව බදාදා සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවය සිදුවන උදෑසන දක්වා දේහය වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.

 

මහ රැජිනගේ දේහය ඇගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහය මිහිදන් කර ඇති සොහොන් කොත පසකින් මිහිදන් කිරීමට නියමිතය.

 

views

291 Views

Comments

arrow-up