බ්‍රසීල හිටපු ජනපති ඉනාසියෝ ලූලා නැවතත් ජනපති සටනට

බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා බ්‍රසීල කම්කරු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව වාර්තා වනවා.
ඒ වත්මන් බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝට එරෙහිවයි.
ලූලා ද සිල්වා මීට පෙර 2003 වසරේ සිට 2010 වසර දක්වා වසර හතක් ජනාධිපති ධූරය හෙබවූ අතර මෙවර ඔහු ජනාධිපතිවරණයට තරග කරන්නේ හය වැනි වරටයි.
ඉතිහාසයේ හොඳම ජනපති ලෙස තමාගේ නම තබාගෙන ජීවිතයේ අවසාන වසර කිහිපය සාමකාමීව ජීවත් විය හැකි නමුත් රට විනාශ වී ඇති බව දුටු හෙයින් නැවත ජනපතිවරණය සඳහා තරග කර බ්‍රසීලය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීමට තීරණය කළ බවයි ඔහු ට්විටර් පණිවිඩයක් මගින් කියා තිබෙන්නේ.
a76 වන වියෙහි පසුවන ඔහු තමන්ට වයස අවුරුදු 10 වන තුරුම කියවීමටවත් බැරි 5හේ පන්තියට පමණක් ඉගෙනගෙන අධ්‍යාපනය අතහැර දැමුවෙක් වීම විශේෂත්වයක්.
300 Views
Comments