JUL
18
චීනයේ සංචාරක නිකේතනයකින් කොරෝනා ආසාධිතයින් රැසක්

චීනයේ ග්වැන්ක්ෂි ප්‍රදේශයේ සංචාරක නිකේතනයකින් කොරෝනා ආසාදිතයන් 500 දෙනෙකු දින පහක් තුළ දී වාර්තා වී තිබෙනවා.
චීනය තුළ යළිත් කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩි වීම හේතුවෙන් සංචාරකයින් දෙදහසකට අධික පිරිසක් බේහායි නගරයේ සිර වී සිටින බව ද වාර්තා වනවා.
මෙලෙස කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති නගර ලෙස චීනයේ බේහායි, නැනින්, ගුලින්, හේසෝ සහ චොන්ග්ෂුවෝ හඳුනාගෙන ඇති අතර රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් 444 දෙනකු පසුගිය සෙනසුරාදා වන විට වාර්තා වී තිබෙනවා.
276 Views
Comments