ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටීමෙන් 233 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තවත් 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය, පීලි පැන එහි පෙට්ටි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී ඇති අතර එම පෙට්ටි වල කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මින් අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට ලක්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ අතර අනතුර පිළිබඳ සිය දැඩි ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් තබා ඇති අතර අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අනතුරට පත්වූවන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවය.
235 Views
Comments