විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම් - නීති කැඩුවොත් හම්බෙන දඬුවම් මෙන්න

විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම් කිරීමට ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.
එම නීතිය තව වසර තුනකින් බලාත්මක වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
එය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ට ද අදාළ වන බව සඳහන් වේ.
ඒ අනුව, බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමට ද නියමිතය.
ඊට පටහැනිව ලිංගිකව එක් වන්නන්ට වසරක් දක්වා සිරදඬුවම් මෙන්ම විශාල දඩ මුදලක් ද නියම කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ සමග ම එරට ජනාධිපතිවරයා හෝ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම ද තහනම් කරවමින් නීති පනවා තිබේ.
790 Views
Comments