චීනය ගැන කැනඩාවෙන් පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

චීනය ගැන කැනඩාවෙන් පරීක්ෂණයක්

චීනය ගැන කැනඩාවෙන් පරීක්ෂණයක්

 

ටොරොන්ටෝ නගරය තුළ චීනය විසින් පොලිස් ස්ථාන ස්ථාපිත කර ඇති බවට පලවන වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කැනඩා පොලීසිය පවසයි.

 

කැනඩාවේ චීන ඩයස්පෝරාව ඉලක්ක කරන බවට චීනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙන්ම චීනයට එරෙහිව එල්ල වන සියලු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව ද කැනඩා පොලීසිය ප්‍රකාශ කර තිබේ.

 

විදේශීය ආයතන හරහා කැනඩාවේ සිටින ඕනෑම ජන කොට්ඨාශයකට එල්ල විය හැකි හානි මෙන්ම අනවශ්‍ය අතපෙවීම්, තර්ජන හා හිරිහැර වැළැක්වීම සිය අරමුණ බව ද කැනඩා පොලීසිය පෙන්වා දෙයි.

views

203 Views

Comments

arrow-up