NOV
25
ඕස්ට්‍රේලියානු දරුවෙකුට පිඹුරු ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි වෙරළබඩ නගරයක් වන බයිරන් බේ ප්‍රදේශයේ දී පස් හැවිරිදි දරුවකු පිඹුරකු ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
ඒ එම දරුවා නිවසේ ඉදිකර ඇති කුඩා පිහිනුම් තටාකයේ ක්‍රීඩාකරමින් සිටියදීයි.
මෙම අවස්ථාවේදී පිඹුරා දරුවාගේ පාදයේ වෙලී ඔහුව පිහිනුම් තටාකය තුළට ඇදගෙන ගොස් තිබෙනවා.
මෙම සිදුවීම දුටු දරුවාගේ මුත්තණුවන් විසින් පිහිනුම් තටාකයට පැන පිඹුරා සමග පොර බැද දරුවාව බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
298 Views
Comments