DEC
01
ඇෆ්ගේනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙක් මරුට

ඇෆ්ගේනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙක් මියගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇෆ්ගේනිස්ථානයේ සමන්ගන් පළාතේ අයබක් ප්‍රදේශයේ මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා.
ප්‍රහාරයෙන් මියගිය බහුතරයක් ළමුන් බවයි වාර්තා වන්නේ.
221 Views
Comments