රුසියානු බොරතෙල් මිලට ජී7න් සීමා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

රුසියානු බොරතෙල් මිලට ජී7න් සීමා

රුසියානු බොරතෙල් මිලට ජී7න් සීමා

 

රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන් ඊයේ (23) ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

ලෝක බොරතෙල් වෙළඳපොලේ ඊයේ (23) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 2.95 කින් සියයට 3.3 කින් පහත  වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 85.41 ලෙස සටහන් වූ බවත් අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 3.01 කින් සියයට 3.7 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 77.94 ලෙස සටහන් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

 

ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 85.28 ලෙස අද(24) උදෑසන 9.46 වන විට සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 77.91 ලෙස සටහන් විය.

views

221 Views

Comments

arrow-up