චීනයේ කොවිඩ් රෝගීන් ඉහළට

බීජිං ඇතුළු චීනයේ කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාම නිසා කොවිඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල ව්‍යාපාර සහ පාසල් වසා දැමීම සහ බීජිං නගරයට ඇතුළු වීමේ දී නීති දැඩි කර ඇති බව වාර්තා වේ.
චීනය මධ්‍යම හෙනාන් පළාතේ ෂෙන්ෂු සිට නිරිත දෙසින් චොංකිං දක්වා කොවිඩ්-19 අසාදිතයින් රැසක් වාර්තා වී ඇති අතර පසුගියදා නව දේශීය රෝගීන් 26,824 ක් වාර්තා කළ අතර එය අප්‍රේල් මාසයෙන් පසු රටේ දෛනිකව වාර්තා වූ ඉහලම අගයයි.
බීජිං හි කොවිඩ් මරණ දෙකක් ද වාර්තා කර ඇති අතර එය මැයි අග සිට චීනයේ වාර්තා වූ පළමු අවස්ථාව විය.
173 Views
Comments