ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

ගුජ්රන්වාලා ප්‍රදේශයේ පැවති රැලියක් අතරතුර එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් ඉම්රාන් ඛාන්ගේ පාදයකට තුවාල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිටපු අගමැතිවරයා ලාහෝර් හි රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

 

මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

කඩිනම් මැතිවරණයක් ඉල්ලා ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පා ගමනකින් පැමිණෙමින් සිටිය දී හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.

 

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

 

views

245 Views

Comments

arrow-up