මයෝන් ගිනි කඳු ආවාටයට කඩා වැටුණු යානයේ සුන්බුන් සොයා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

මයෝන් ගිනි කඳු ආවාටයට කඩා වැටුණු යානයේ සුන්බුන් සොයා ගැනේ

මයෝන් ගිනි කඳු ආවාටයට කඩා වැටුණු යානයේ සුන්බුන් සොයා ගැනේ

පසුගිය ඉරිදා දිනයේ සිට ගවේෂණ කණ්ඩායම් මයෝන් ගිනිකන්දේ බෑවුම් ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වෙමින්, පසුගිය සතියේ සක්‍රීයව පැවැති පිලිපීන ගිනි කන්දට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පුද්ගලයන් සිව් දෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.

 

මියගිය පිරිස අතර ගුවන් නියමුවන් දෙදෙනෙක් සහ ඕස්ට්‍රේලියන් මගින් දෙදෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනිකඳු ආවාටයේ සිට මීටර් 300 ක් (අඩි 985) පමණ දුරින් ගුවන් යානා සුන්බුන් හමුවී ඇති බව සඳහන් වේ.

 

ගුවන් යානය කඩා වැටීමට හේතුව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පිලිපීන බලධාරීන් පවසයි.

views

183 Views

Comments

arrow-up