ඕස්ට්‍රේලියානුවන් සියයට 40 කගේ දත්ත සොරා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ඕස්ට්‍රේලියානුවන් සියයට 40 කගේ දත්ත සොරා ගනී

ඕස්ට්‍රේලියානුවන් සියයට 40 කගේ දත්ත සොරා ගනී

 

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වී ඇති බරපතළම දත්ත සොරකම මේ වන විට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ අනුව ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට 40 කගේ පමණ දත්ත සොරකම් කර ඇති බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව දත්ත සොරා ගැනීමට ලක්ව ඇති සමස්ථ සංඛ්‍යාව මිලියන 10 කට අධිකයි.

 

ඕස්ට්‍රේලියානු විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් නිවේදනය කර ඇත්තේ සයිබර් ප්‍රහාරයක් මගින් සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බවයි. එම දත්ත අතරට නම්, උපන්දින, ලිපිනයන්, දුරකථන අංක, විද්‍යුත් ලිපින, විදෙස් ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අංකද අයත්. 

 

කෙසේවෙතත් බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෝ බැංකු කාඩ්පත් හා ණය කාඩ්පත්වල විස්තර මෙන්ම ඒවායේ මුර පද සොරාගෙන නොමැති බව අදාළ සමාගම පවසනවා. විදෙස් ගමන් බලපත්‍ර තොරතුරු සොරා ගැනීමට ලක්ව ඇති පිරිස ලක්ෂ 28 කට අධිකයි.

views

217 Views

Comments

arrow-up