SEP
25
රුසියානු හමුදාවට එක්වන විදේශිකයන්ට එරට පුරවැසිභාවය

හමුදා සේවයේ වසරක කාලයක් සේවය කිරීමට ඉදිරිපත්වන ඕනෑම විදේශිකයෙකුට රුසියානු පුරවැසිභාවය ලබා දෙන බව එරට ජනපති විලැද්මීර් පුටින් දන්වා තිබෙනවා.
ඊට අදාළ විශේෂ නිවේදනය ඊයේ(24) ඔහු විසින් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හමුදා සේවය පැහැර හරින හා නීති විරෝධී ලෙස හැර යන හමුදා සාමාජිකයන්ට වසර දහයක් දක්වා සිර දඬුවම්ද නියම කර තිබෙනවා.
261 Views
Comments