MAR
04
වසරකට පසු හමුවූ බලවතුන් දෙදෙනෙක් යුක්‍රේනයේ ඉරණම ගැන වැදගත් කතාවක

වසරකට පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මුහුණට මුහුණ හමුවී තිබේ.
ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙමින් තිබෙන G-20 සමුළුවේදී මෙම හමුව සිදු වී තිබෙන අතර, මෙම හමුවේ දී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ යුක්රේනයට එරෙහි ආක්‍රමණශීලී හා අමානුෂික සංග්‍රාමය නවත්වා දමන ලෙසයි.
එයට රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ලැබී ඇති ප්‍රතිචාරය කුමක්දැයි මාධ්‍ය විසින් වාර්තා කොට නැත.
194 Views
Comments