මෝදිට ජනතා සම්මානයක්

අවුරුදු 18 ට වැඩි ජනගහනය අතර වැඩිම ජනප්‍රියත්වයක් හිමි ලෝක නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ගෝලීය සමීක්ෂණ ආයතනයක් වන මෝනිං කන්සල්ට් ආයතනය විසින් සතිපතා සිදුකරන මෙම සමීක්ෂණයේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 76% ක ජනප්‍රියත්වයක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පත්ව ඇති බව සඳහන් වේ.
එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ 61% ක ජනප්‍රියත්වයක් ලබා ගනිමින් මෙක්සිකානු ජනාධිපති ඇන්ඩෲ මැනුවෙල් වන අතර එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ය.
ඔහු ලබාගෙන ඇති ජනප්‍රියත්වය 55% ක් වේ.
රටවල් 22 ක ලෝක නායකයින් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර 19% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් එහි අවසාන ස්ථානයේ රැඳෙන්නේ දකුණු කොරියානු ජනාධිපතිවරයාය.
191 Views
Comments