ආසන පටි නොපැලඳ පොලිසියෙන් දඩ කෑ අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

ආසන පටි නොපැලඳ පොලිසියෙන් දඩ කෑ අගමැති

ආසන පටි නොපැලඳ පොලිසියෙන් දඩ කෑ අගමැති

‍ආසන පටි නොපැලද මෝටර් රථයක පිටුපස අසුනේ ගමන් කිරිම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කර තිබෙනවා.

 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින විටදී රූගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබු අතර එහිදී ඔහු ආසන පටි නොපැලද සිටිය බවට හෙලිවුවා.

 

ඒ සම්බන්ධයෙන් එරට සමාජය තුල විශාල කතිකාවතක් ඇතිවුයේ අගමැතිවරයා සිදුකළ වරද ගැන එරට ජනතාව දිගින් දිගටම කතා කිරීමත් සමගයි.

 

මේ සම්බන්ධයෙන් පසුව එරට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර පසුව බ්‍රිතාන්‍යය අගමැතිවරයා රථ වාහන ආඥා පනත උල්ලංඝණය කර ඇති බවට ප්‍රකාශ කර සිටියා.

 

ඒ අනුව එරට පොලිසිය විසින් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට දඩ පැනවීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

බ්‍රිතාන්‍ය තුල ආසන පටි නොපැලද වාහනයේ ගමන් කරන පුද්ගලයෙකුට බ්‍රිතාන්‍ය පවුම් 500ක දඩයක් ගෙවීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

 

වයඹ දීග එංගලන්තයේ සංචාරයක් අතරවාරයේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයාට මෙම ඇබැද්දිය සිදුව තිබු බවයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කර සිටියේ.

views

205 Views

Comments

arrow-up