“ඔවුන් මගේ බිරිඳගෙන් සමාව ගත යුතුයි” - හැරී කුමරු කියයි

තමා සතුව "පොත් දෙකක්" ලිවීමට තරම් ප්‍රමාණවත් කරුණු තමා සතුව ඇති නමුත් සිය පියා සහ සහෝදරයා ඔහුට කිසිදා සමාව නොදෙනු ඇති බැවින් ඇතැම් කරුණු සිය ස්වයං චරිතාපදාන ග්‍රන්ථයට ඇතුලත් නොකළ බව හැරී කුමරු ප්‍රකාශ කර සිටිනවා.
ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හැරී කුමරු සඳහන් කළේ ඇතැම් කරුණු පිළිබඳව ලෝකයා නොදැන සිටීම වැදගත් බවයි.
මෙම සතියේ ප්‍රකාශයට පත් කරන ලද හැරී කුමරුගේ "Spare" බ්‍රිතාන්‍යයේ මෙතෙක් වේගයෙන්ම අලෙවි වන ප්‍රබන්ධ නොවන පොත බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මෙම පොත තුල හැරී කුමරු විසින් බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලට එරෙහි දුක්ගැනවිලි පිළිබඳ දිගු ලැයිස්තුවක් ඇතුලත් වන අතරම සිය මව වන ඩයනා කුමරියගේ අභාවයෙන් පසු තමන් මුහුණ දුන් කම්පනය, මානසික සෞඛ්‍යය සමඟ දැරූ අරගල සහ මේගන් හමුවීමට පෙර තමන් ගත කළ හුදකලා ජීවිතය සහ පවුලේ සාමාජිකයන් සමඟ සබඳතා බිඳවැටීම ගෙනහැර දක්වන කරුණු ඇතුලත් වනවා.
කෙන්සිංටන් මාලිගය සහ බකිංහැම් මාලිගය යන දෙකම පවසා ඇත්තේ හැරී කුමරුගේ පොතේ ඇති අන්තර්ගතය පිළිබඳව අදහස් පළ නොකරන බවයි.
ඩේලි ට්‍රේලිග්‍රාෆ් පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී හැරී කුමරු වැඩිදුරටත් මෙසේ කරුණු සඳහන් කර තිබුණා.
" ඒත් සමහර දේවල් තියෙනවා, විශේෂයෙන්ම මම සහ මගේ සහෝදරයා අතර, යම් දුරකට මම සහ මගේ පියා අතර සිදුවූ සිදුවීම්. ඒවා ලෝකයා දැන ගන්නවාට මම කැමති නැති තරම්. ඔවුන් මට කවදාවත් සමාව දෙයි කියලා මම හිතන්නේ නැහැ."
"දැන් ඔබට තර්ක කළ හැකිය, මම පොතේ අන්තර්ගත කර ඇති සමහර දේවල් පිළිබඳව. ඔවුන් මට කිසිම සමාවක් නොදෙනු ඇති."
එමෙන්ම තමන්ට සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සමාව දීමට ද සුදානම් බව හැරී කුමරු එම සම්මුඛ සාකච්ජාවේදී සඳහන් කර තිබෙනවා.
249 Views
Comments