JUL
18
ඉන්දිය ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අදයි

ඉන්දීය ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද(18) පෙරවරු 10 ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඒ අනුව රාජ සභාව සහ ලොක් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එරට පහලොස්වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතයි.
ද්‍රෞපදි මුර්මු ඒ රට එරට පාලක පක්ෂය වන භාරතීය පක්ෂයේ අපේක්ෂකයා වන අතර විපක්ෂය ප්‍රතිවාදී අපේක්ෂකයා වන්නේ යශ්වන්ත් සිංග්හා.
ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද්ගේ වසර පහක දුර කාලය මෙම මස 24 වෙනිදා අවසන් වීමට නියමිත බැවින් මෙම නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.
234 Views
Comments