තම දියණියගේ මළ සිරුර වසර 05ක් තිස්සේ වැසිකිළියේ සඟවාගෙන සිටි මවකට ලැබුණ දඬුවම

තම මියගිය දියණියගේ සිරුර වසර පහක් තිස්සේ නිවසේ සඟවා තැබූ කුවේට් ජාතික කාන්තාවකට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හිමිව තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම කාන්තාව පවසා තිබෙන්නේ තමා කිසිඳු වරදක් නොකල බවත් තම දියණිය බිම වැටී මියගොස් සිටිනු බව දුටු විට නීතියෙන් දඬුවමකට බිය වූ නිසා ඇයගේ මළ සිරුර මෙලෙස සඟවා තබා ගත් බවයි.
කෙසේ වුවත් ඝාතනයට ලක් වූ දියණියගේ සහෝදරයෙකු තම මවට එරෙහිව සාක්ෂි දෙමින් කියා තිබෙන්නේ ඇය විසින් තම සහෝදරිය නිවස තුළට දමා ඇයට හිරිහැර කළ බවත් ඇයගේ හැසිරීම පාලනය කිරීමට මව කලක සිටම දැඩි උත්සාහයක් ගෙන ඇති බවටත්ය.
2012 වසරේ සිට ඔවුන්ගේ මව තම සහෝදරියට මූලික අවශ්‍යතා සහ අධ්‍යාපනය ලබා නොදී නිවසේ කුඩා කාමරයක සිරකර තබා ඇති බවත් ඔහු විසින් හෙළි කොට ඇත.
මියගිය අයගේ සිරුර සොයාගෙන ඇත්තේ වැසිකිළියක තිබී නරක් වී තිබියදීය.
වසර පහක් පුරාවටම මළ සිරුරේ ගන්ධය පිටතට නොයෑම සඳහා මෙම කාන්තාව විසින් වැසිකිළියේ ජනෙල් වෑල්ඩින් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
819 Views
Comments