JUN
03
යුක්රේනයෙන් පහෙන් එකක් රුසියාව යටතට

මේ වන විට යුක්රේන භූමියෙන් 1/5කොටසක් රුසියානු පාලනයට යටත්ව ඇති බව යුක්රේන ජනපති ව්ලොදිමීර් සොලොන්ස්කි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ලක්සන්බර්ග්හි නියෝජිතයන් පිරිසක් අමතමිනි.
රුසියාව විසින් යුක්රේනයට එරෙහිව විශේෂ මෙහෙයුම් ආරම්භ කර දින 100ක් ගතවන විට මෙම භූමි ප්රමාණය යටත් කරගෙන ඇති අතර යුක්රේනයේ ප්රධාන නගරයක් වන Severodonetsk නගරයෙහි ද වැඩි බලයක් හිමිව ඇත්තේ රුසියාවටයි.
674 Views
Comments