මගීන් 22 දෙනෙකු සමග නේපාල ගුවන් යානයක් අතුරුදන් වෙයි

ගුවන් මගීන් 22 දෙනෙකු රැගත් නේපාලයේ ටාරා එයාර් ගුවන් සේවයට අයත් ට්වින් ඔට්ටර් ගුවන් යානයක් අද උදෑසන සිට අතුරුදන් වී තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, මධ්‍යම නේපාලයේ පිහිටි පොක්කාරා (Pokhara) සිට බටහිර නේපාලයේ පිහිටි ජොම්සොම් (Jomsom) දක්වා පියාසර කරමින් සිටින අතරතුර එම ගුවන් යානය මෙලෙස අතුරුදන් වී ඇති බවය.
අතුරුදන් වූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු සහ ජපන් ජාතිකයින් තිදෙනෙකු සිට ඇති අතර නේපාල පුරවැසියන් ද එහි ගමන් කර ඇත.
මේ දක්වා ගුවන් යානය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ත් මේ වන විට එම ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව ත් එරට පොලිසිය සඳහන් කර ඇත.
Nepal | The missing aircraft was hosting 4 Indian and 3 Japanese nationals. The remaining were Nepali citizens & the aircraft had 22 passengers including the crew: State Television
— ANI (@ANI) May 29, 2022
1705 Views
Comments