28 දෙනෙක්ට මරු කැඳවූ ඇමෙරිකා පාසලේ සාහසික වෙඩි තැබීම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

28 දෙනෙක්ට මරු කැඳවූ ඇමෙරිකා පාසලේ සාහසික වෙඩි තැබීම

28 දෙනෙක්ට මරු කැඳවූ ඇමෙරිකා පාසලේ සාහසික වෙඩි තැබීම

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

 

එම 21 දෙනාගෙන් 19 දෙනකු පාසලේ දරුවන් බවත් ඉතිරි දෙදෙනාගෙන් එක් අයකු පාසලේ ගුරුවරියක බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. එම ගුරුවරිය ඊවා මෙරලේස් ය.

 

වෙඩි තැබීම සිදුවූයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවට සමීපව පිහිටි යුවෙල්ඩේ නමැති කුඩා නගරයේ ප්‍රාථමික පාසලකය.

 

වෙඩි තැබීම සිදු කර ඇත්තේ 18 හැවිරිදි ගැටවරයෙකි.

 

සැල්වදෝර් රමෝස් නමැති ඔහු ටෙක්සාස් පදිංචි ඇමෙරිකන් පුරවැසියකු බව සිද්ධිය සම්බන්ධයෙන් විස්තර මාධ්‍ය වෙත අනාවරණය කරමින් ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පැවැසීය.

 

පොලිස් වෙඩි පහරින් සැල්වදෝර් රමෝස් මියගියේය.

 

සැල්වදෝර් රමෝස් පාසලට කඩා වැදී වෙඩි තැබීමට පෙර, ඔහුගේ අත්තම්මා වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගත්තේ පසුවය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය දෙවැනි වැඩිහිටි තැනැත්තිය ඇය බව පැවැසෙයි.

 

ප්‍රහාරය සැලවීමත් සමග තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව විදෙස්ගතව සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

 

සැල්වදෝර් රමෝස් ට මෙක්සිකෝවේ පෙම්වතියක සිටින බවත් ඇය ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඔහු උත්සහ කළ බවත්, එය අසාර්ථක වීමත් සමග ඔහු මෙම අමානුෂික සැහැසි ක්‍රියාවට යොමු වුණු බවත් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.

views

692 Views

Comments

arrow-up