ලයනල් මෙසීට මරණ තර්ජන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

ලයනල් මෙසීට මරණ තර්ජන

ලයනල් මෙසීට මරණ තර්ජන

ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී ට මරණ තර්ජන එල්ල වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

 

ඔහුගේ බිරිඳ වන ඇන්ටොනෙල්ලා ගේ පවුලට අයත් සුපිරි වෙළෙඳ සලක් රොසාරියෝ හි පිහිටා ඇති අතර, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙළෙඳසැලට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කොට සිටී.

 

මෙම වෙඩි ප්‍රහාරයෙන් සුපිරි වෙළඳසැලට දැඩි හානි සිදුව ඇති අතර, සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 14 ක් එ ල්ල කොට ඇති බව සඳහන් වේ.

 

ප්‍රහාරයට හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැතත් ප්‍රහාරකයන් විසින් තබා ගොස් ඇති සටහනක දැක්වෙන "මෙසී අපි ඔබ එනතුරු බලා සිටිමු. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොසාරියෝ හි නගරාධිපතිට ඔබව ආරක්ෂා කළ නොහැකියි" යන වැකිය හේතුවෙන් සුපිරි තරුව ගේ ජීවිතයට එල්ල වෙන පැහැදිලි තර්ජනයක් පිළිබඳ ගම්‍යමාන වන්නේ යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කොට සිටී.
 

views

178 Views

Comments

arrow-up