මෝදි ආපසු පාසලේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය.
ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් ප්‍රාන්තයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර මෝදි වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරය හෙබවීය.
ගුජරාඨ ප්‍රාන්ත මහ මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, මෝදි ගුජරාඨ ප්‍රාන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණේ ඒ නිමිත්තෙනි.
174 Views
Comments