හඩපට නිසා පකිස්තානයත් කැළඹෙයි

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ යැයි කියනු ලබන මතභේදාත්මක හඬ පට නිකුත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ආරක්ෂක කමිටුව (NSC) පසුගියදා එරට අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ දී රැස් වී තිබේ.
බුද්ධි අංශ ප්‍රධානීන් විසින් හඬපට නිකුත් වීම සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණය පිළිබඳව ජාතික ආරක්ෂක කමිටුව වෙත දැනුම් දී ඇති අතර, එහි ඇති අවදානම් තත්ත්වයන් ඉස්මතු කළ බව ද වාර්තා වේ.
එසේම, පසුගියදා හමුදා මූලස්ථානයේදී බළකායේ අණදෙන නිලධාරීන්ගේ රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී ද මේ සම්බන්ධ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
210 Views
Comments