ජෝ බයිඩන්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

චීනය සිදුකරන ඕනෑම ආක්‍රමණයක් හමුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විදේශ නාළිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබේ.
චීනය යම් හෙයකින් තායිවානය ආක්‍රමණය කිරීමට කටයුතු කළහොත් ඇමරිකාව ඊට මැදිහත්වන වන බව අමෙරිකානු ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කර තිබේ.
පසුගිය දිනෙක සිදු වූ ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසුව චීනය විසින් තායිවානයට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.
කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ චීන බලපෑම හමුවේ නොසැලී සිටීමට තායිවානයට සිය සහාය ලබාදෙන බවයි.
217 Views
Comments