SEP
12
රැජිනගේ අභාවය හේතුවෙන් නවසීලන්තය නිවාඩු දිනයක් ප්‍රකාශ කරයි

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තය මෙම මස 26 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අඩර්න් නිවේදනයක් නිකුත් කරමින් මේ පිලිබඳ සඳහන් කර සිටියා.
එමෙන්ම ඇය ලබන 14 වනදා රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා නවසීලන්තයේ සිටි ලන්ඩනය බලා පිටත්ව යාමට ද නියමිතයි.
274 Views
Comments