තලෙයිබාන් ගුවන් පුහුණුවෙන් තිදෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් පුහුණු අභ්‍යාසයක් අතරතුර බ්ලැක් හෝක් වර්යේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
ඉකුත් වසරේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගන්නා අවස්ථාවේදී අමෙරිකානු හමුදා භට කණ්ඩායම් විසින් භාවිත කරන ලද හෙලිකොප්ටර් යානා ඇතුළු හමුදා උපකරණ රැසක් එහි අතහැර ගොස් තිබිණ.
එලෙස අත්හැර දමා ගොස් තිබු බ්ලැක් හෝක් වර්යේ හෙලිකොප්ටරයක් පුහුණු කිරීමේ අභ්‍යාසයක් අතරවාරයේදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
280 Views
Comments