තුර්කියේ අනාරක්ෂිත ගොඩනැගිලි තැනු 160 ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

තුර්කියේ අනාරක්ෂිත ගොඩනැගිලි තැනු 160 ක් අත්අඩංගුවට

තුර්කියේ අනාරක්ෂිත ගොඩනැගිලි තැනු 160 ක් අත්අඩංගුවට

තුර්කියේ භූ කම්පනයෙන් දැඩි බලපෑමට ලක්වූ ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් සිදුකර ඇති ඉදිකිරීම්වලට අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු ප්‍රකාශ කර ඇත.

 

ඔහු සඳහන් කර ඇත්තේ, ඒ අනුව හඳුනාගත් පුද්ගලයින් 564 දෙනෙකුගෙන් 160 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. තුර්කි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, භූ කම්පනයෙන් අවතැන්වූවන්ට නිවාස ඉදිකිරීමට තුර්කි රජය කටයුතු කරමින් සිටින අතර වසරක් ඇතුළත එම කටයුතු අවසන් කරන බවයි.

 

තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් භූ කම්පනයෙන් තුර්කියේ පමණක් පුද්ගලයින් 43,556 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර නිවාස හා ව්‍යාපාරික ආයතන  750,000 කට පමණ හානි සිදුවී ඇති බව ප්‍රකාශ කර තිබේ.

views

229 Views

Comments

arrow-up