FEB
16
ඉතියෝපියාවේ විරෝධතාවක් අතරතුර වෙඩි තැබීමකින් තිදෙනෙක් මිය යයි

ඉතියෝපියාවේ ජල හිඟයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ජනතාවට ඉතියෝපියානු ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ දකුණු වොල්කයිට් නගරයේ පැවති විරෝධතාවයකදී ය. තවත් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.
නගරයේ උග්‍ර වන ජල හිඟය හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව නගරයේ ජල කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් මීට පෙර ද පවත්වා තිබේ.
215 Views
Comments