යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් ගොවිපලේ සිටි ළමයින් පැහැර ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් ගොවිපලේ සිටි ළමයින් පැහැර ගනී

යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් ගොවිපලේ සිටි ළමයින් පැහැර ගනී

වයඹ දිග නයිජීරියාවේ ගොවිපළක වැඩ කරමින් සිටි ළමුන් 39 දෙනෙකු අපරාධ කල්ලියක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

 

නයිජීරියානු පොලීසිය පවසා සිටින්නේ ඔවුන් නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලා ඇති බවයි.

 

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ ෆස්කාරි දිස්ත්‍රික්කයේ මයිරුව ගම්මානයෙන් පිටත ගොවිපළකට කඩා වැදුණු යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් එහි අස්වැන්න නෙලමින් සිටි ළමයින් 39 දෙනෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

මෙම කොල්ලකරුවන් පිරිස ගම්මානවලට කඩා වැදී නිවැසියන් මරා දැමීම සහ පැහැර ගෙන යෑම මෙන්ම නිවාස කොල්ලකෑම සහ ගිනි තැබීම් සිදුකරන කොල්ලකරුවන් පිරිසක් බව වාර්තාවේ.

 

views

286 Views

Comments

arrow-up