චීනය සම්බන්ධයෙන් ලොව පුරා මතභේදාත්මක තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

චීනය සම්බන්ධයෙන් ලොව පුරා මතභේදාත්මක තත්ත්වයක්

චීනය සම්බන්ධයෙන් ලොව පුරා මතභේදාත්මක තත්ත්වයක්

 

චීනයේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලොව රටවල් රැසක දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ නෙදර්ලන්තයෙන් චීනයට එල්ල කළ බරපතල චෝදනාවක් හමුවේයි.

 

ඒ අනුව නෙදර්ලන්තය අනාවරණ කර ඇත්තේ චීනය සිය රට තුළ නීතිවිරෝධී ලෙස රහසේ පොලිස් ස්ථාන පවත්වාගෙන යන බවයි. චීනය විදෙස් රටවල් තුළ පොලිස් ස්ථාන පවත්වාගෙන යන බවට විදෙස් මාධ්‍ය මීට පෙර අවස්ථා කිහිපයකදී අනාවරණ කර තිබුණා. එහෙත් චීනයට සාක්ෂි සහිතව චෝදනා එල්ල වූ අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

 

තානාපති කාර්යාල ඇතුළුව රටවල් රැසක ප්‍රධාන නගර තුළ චීනය එලෙස පොලිස් ස්ථාන පවත්වාගෙන යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චීනය එයින් අපේක්ෂා කරන්නේ විදෙස් රටවලින් මතුවන චීන විරෝධතා මැඩ පැවැත්වීම බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

views

224 Views

Comments

arrow-up