OCT
20
බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනය කර ලැබේ.
කෙසේ නමුත් අගමැතිධුරයට අනුප්‍රාප්තිකයෙක් පත්වන තෙක් ධූරයේ කටයුතු කිරීමට පියවර ගන්නා බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
එසේ ම ඇය කොන්සවේටිව් පක්ෂයේ නායකත්වයෙන් ද ඉවත් වීමට තීරණය කර තිබේ.
විටින් විට ප්‍රතිපත්ති වෙනස් කිරීම හේතුවෙන් ඇය පක්ෂය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
එසේ ම පසුපෙළ මන්ත්‍රීවරුන් ඇයගෙන් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ද ඉල්ලීමක් සිදු කර තිබුණි.
190 Views
Comments