"මහා උණුසුම" ට සූදානම් වන චීන වැසියෝ

චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව සාම්ප්‍රදායිකව වසරේ උණුසුම්ම දිනය වන "මහා උණුසුම" මෙම සෙනසුරාදා උදාවෙතැයි චීන කාලගුණ විශේෂඥයන් ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව මෙම සති අන්තයේදී අධික උෂ්ණත්වයට මුහුණ දීම සඳහා චීනයේ මිලියන ගණන් ජනයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ වන විට චීනයේ නගර 12 කට අධික ප්‍රමාණයක උෂ්ණත්වය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කොට ඇති අතර තවත් නගර සහ ප්‍රාන්ත 208ක් තැබිලි අනතුරු ඇඟවීම් යටතේ පවතින බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ නැගෙනහිර ජර්ජිඈංග් සහ ෆූජිඈන් පළාත් වල නගර 19ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇතැයි චීනයේ කාලගුණ විද්‍යා පරිපාලන අංශ දන්වා සිටිනවා.
271 Views
Comments