275 කට මරු කැඳ වූ Odisha දුම්රිය අනතුරට හේතුව හෙළි වෙයි

දුම්රිය අමාත්‍ය Ashwini Vaishnaw පවසන පරිදි ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුර සංඥා දෝෂයක් හේතුවෙන් සිදුවී ඇත. අනතුරට වගකිවයුත්තන් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ළඟදීම නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම ඛේදජනක අනතුර හේතුවෙන් පුද්ගලයින් 275 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ පුද්ගලයින් 1175 දෙනෙකු රෝහල් ගත කර තිබුණා. රෝහල් ගත කළ පුද්ගලයින්ගෙන් 793 දෙනෙකු අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජුනි 3 වන දින අනතුර සිදුවූ ස්ථානයට ගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන ඕනෑම කෙනෙකුට දැඩි දඬුවම් ලබා දෙන බවට සහතික විය.
280 Views
Comments