දින 48 ක් තුළ ඇමරිකාවේ වෙඩි තැබීම් 78 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

දින 48 ක් තුළ ඇමරිකාවේ වෙඩි තැබීම් 78 ක්

දින  48 ක් තුළ ඇමරිකාවේ වෙඩි තැබීම් 78 ක්

2023 වර්ෂය ආරම්භ වී දින 48 ක් ගත වී ඇත. එම දින 48 ට ඇමරිකාවේ වෙඩි තැබිම් 78 ක් සිදු ව ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා සිටී.

 

ඔහු  මේ බව ප්‍රකාශ කර සිටියේ මිචිගන් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබිමකින් තුන් දෙනෙක් මිය යාමේ  සිද්ධියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

මෙලෙස ඇති වී තිබෙන ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට සිතුවිලි සහ යාඥා පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී.

 

පසුගිය වසරේ ඇමෙරිකාවේ ගිනි අවි ආශ්‍රිත මරණ 44,000 ක් සිදුවී ඇති අතර ඉන් අඩක් පමණ ඝාතන සිදුවීම්ය.

views

210 Views

Comments

arrow-up