SEP
19
මන්කි පොක්ස් චීනය කලඹයි

චීනයේ පලමු වතාවට මන්කි පොක්ස් ආසාදිතයෙකු වාර්තාවීම හේතුවෙන් විදේශිකයන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස එරට සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් කොවිඩ් සීමා කිරීම් සහ පාලනයන් හේතුවෙන් මංකි පොක්ස් පැතිරීම වළක්වා ඇති බවට චීනයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ Wu Zunyou මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය දිනක චොංකි හි මහ නගර සභා සීමාවෙන් මංකි පොක්ස් ආසාදිතයකු වාර්තා වූ අතර ඔහු විදේශිකයෙකු ද චීන ජාතිකයෙක් ද යන්න තවමත් ප්‍රකාශ කර නැහැ.
211 Views
Comments