යුද්ධය නිසා මිතුරු පාර්ශවත් රුසියාව හැර යන ලකුණු

බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් ව්ලැදිමීර් පුටින් ගත් තීරණයට එරෙහිව විරෝධය පළ කරන ලෙස යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි රුසියානු ජනතාවට පවසනවා.
එමෙන්ම යුක්රේනය තුළ රැඳී සිටින රුසියානු භට පිරිස්වලින් ඔහු ඉල්ලා සිටියේ යළිත් සටන් කරන ලෙසයි.
එසේ නොමැතිනම් පළා යන ලෙස හෝ යුක්රේනයට යටත් වන ලෙසට ව්ලොදිමීර් ස්ලෙනෙස්කි රුසියානු හමුදාවට පවසනවා.
යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ මාස 06 ක් පුරා පැවැති ගැටුම් හමුවේ රුසියානු හමුදා භටයින් 55,000 ක් පමන මියගොස් ඇති බවයි. එලෙස තවදුරටත් මියයාමට තීරණය නොකරන්නේ නම් පුටින් පාලනයට එරෙහිව නැගී සිටින ලෙසයි යුක්රේන ජනාධිපතිවරයා රුසියානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මෙම තත්ත්වය උද්ගත වුණේ රුසියානු හමුදාවට නව සමාජිකයින් ලක්ෂ 03 ක් බඳවා ගන්නා බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ හදිසියේ නිවේදනය කිරිමයි.
බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමට විරෝධය පළ කරන තරුණයින් මෙන්ම මැදිවියේ පසුවන පිරිමි පුද්ගලයින් පවා මේවනවිට රුසියාව අතහැර අසල්වැසි රටවල් වෙත පළා යමින් සිටිනවා.
ඇතැම් වාර්තා පවසන්නේ යුක්රේන යුද්ධය වෙනුවෙන් හමුදාවට බලහත්කාරයෙන් මිලියනයක භට පිරිසක් බඳවා ගැනීම රුසියානු ජනාධිපතිවරයාගේ උත්සහය බවයි.
කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව රුසියාව සමග සමීප සබඳතා පැවැත්වූ රටවල් පවා මේවනවිට ඔවුන්ගෙන් ඉවත් වෙමින් සිටින බවයි ජාත්‍යන්තර විචාරකයින් උපුටා දක්වමින් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
267 Views
Comments