බංග්ලාදේශයේ සිවුවැනි කොවිඩ් රැල්ල දරුණු අතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

බංග්ලාදේශයේ සිවුවැනි කොවිඩ් රැල්ල දරුණු අතට

බංග්ලාදේශයේ සිවුවැනි කොවිඩ් රැල්ල දරුණු අතට

බංග්ලාදේශය සිවුවැනි කොවිඩ් රැල්ලට මුහුණ දෙමින් සිටින අතර, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සිවුවැනි කොවිඩ් රැල්ල බිහිසුණු ස්වරූපයක් ගෙන ඇති බවයි.


බංග්ලාදේශ සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එරට සිවුවැනි “කොවිඩ් 19” රැල්ල ආරම්භ වූයේ පසුගිය ජූලි 01 වැනිදාය. 

 

මේ වනවිට නව ආසාදිතයන්ගෙන් එරට රෝහල් පිරීයමින් පවතින බව ද වාර්තා වේ.


ගතවුණු දින 5 ඇතුළත වාර්තා වූ මරණ ගණන 32ක් වන බව පැවැසෙයි. වාර්තා වූ ආසාදියන් ගණන 2,500 පසු කර තිබේ. 


පසුගිය දින 05 ඇතුළත දෛනිකව වාර්තා වන“කොවිඩ් 19” ආසාදිතයන් ගණන 50 කට ආසන්න යැයිද පැවැසෙයි.


මෙම නව කොවිඩ් රැල්ලට හේතුව “කොවිඩ් 19 ඔමික්‍රෝන්” විකෘති ප්‍රභේදයේ උප ප්‍රභේදයක වන බී.ඒ.5 බව බංග්ලාදේශ සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත.

views

306 Views

Comments

arrow-up