ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යුක්‍රේනයට ආධාරයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා සිටින්නේ යුද වැදී සිටින රටක් ලෙස සැලකෙන යුක්‍රේනයට ඩොලර් බිලියන 15.6 ක් ලබාදීමට කාර්ය මණ්ඩල එකඟතාවයකට එළඹුණු බවයි.
යුද වැදී සිටින රටකට එවැනි මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන්නේ ප්‍රථම වතාවට වීම ද විශේෂත්වයක් වේ.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබෙන විශාලතම මූල්‍ය අනුග්‍රහය මෙය වන අතර ඊට අදාළ අනුමැතිය ඉදිරි සති කිහිපය තුළ ලැබෙතැයි අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී ඉතා අවිනිශ්චිත රටවලට ද මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි වන ආකාරයට සිය නීති වෙනස් කර ඇති බව වාර්තා වේ.
181 Views
Comments