යුක්රේනයේ සිර කඳවුරකට ප්‍රහාරයක්

රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදී ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව විසින් පාලනය කරනු ලබන ඔලනිව්කා නම් සිර කදවුර වෙත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
වධහිංසා පමුණුවා මරා දැමෙන මෙම කඳවුරේ සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් රුසියාව විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවයි යුක්රේන රජය චෝදනා කර සිටින්නේ.
මේ පිළිබඳව රුසියානු රජය පවසා ඇත්තේ යුක්රේනය රොකට් වලින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි.
අදාල ප්‍රහාරයෙන් යුක්රේන් සිරකරුවන් පනහකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර යුක්‍රේන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී Andriy Kostin සඳහන් කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට යුද අපරාධ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
271 Views
Comments