ඇමරිකාවෙන් පෝලියෝ රෝගියෙක් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ඇමරිකාවෙන් පෝලියෝ රෝගියෙක් වාර්තා වෙයි

ඇමරිකාවෙන් පෝලියෝ රෝගියෙක් වාර්තා වෙයි

ඇමරිකා එක්සත් ජනපදයෙන් පෝලියෝ රෝගියෙකු වාර්තා වී තිබෙනවා.

ඒ වසර දහයකට පසු වීම විශේෂත්වයක්.

මෙම රෝගයට ගොදුරු වී ඇත්තේ තරුණයකු වන අතර ඔහු පෝලියෝ එන්නත ලබා නොගත් පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මාර්ගයෙන් වෙනත් අය වෙත මෙම රෝගය බෝවීමේ හැකියාවක් නැති නමුත් තවත් රෝගීන් වාර්තා වනවා ද යන්න සම්බන්ධයෙන් අධීක්ෂණය කරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටිනවා.

රෝගී තරුණයා රෝහලෙන් පිට ගොස් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දෙමවුපියන්ගේ නිවසේ වාසය කරන අතර ඔහුට ඇවිදීමේ අපහසුතා පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

views

243 Views

Comments

arrow-up