පකිස්ථානයේ ඖෂධ මිලත් අහස උසට නගී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

පකිස්ථානයේ ඖෂධ මිලත් අහස උසට නගී

පකිස්ථානයේ ඖෂධ මිලත් අහස උසට නගී

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුපියල අවප්‍රමාණය වීම, පිරිවැය ඉහළ යෑම සහ අධික ප්‍රවාහන වියදම හේතුවෙන් ඖෂධ ක්ෂේත්‍රය මුහුණ පා සිටින ගැටලු වහාම විසඳන ලෙස පකිස්ථානයේ ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය එරට රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි. එම සංගමය ප්‍රකාශ කර තිබෙන්නේ, එම ගැටලුවට රජයෙන් කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් පකිස්ථානයේ ඖෂධ ක්ෂේත්‍රය දැඩි පිරිහීමකට ලක් වනු ඇති බවයි.

 

එම සංගමය ජාතික සෞඛ්‍ය සේවා සහ රෙගුලාසි පිළිබඳ අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ එරට ඖෂධ නිෂ්පාදනය, ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් ජනතාවට අඛණ්ඩව ඖෂධ ලබාගැනීම සහතික කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල ඉහළ දමන ලෙසටය.

 

එරට මාධ්‍ය වාර්තා කළේ, මේ පිළිබඳ අවධානය යොමු කර ඇති අමාත්‍යවරයා ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධව එම සංගමය සමඟ සාකච්ඡා කිරීමට එකඟතාව පළ කර ඇති බවයි.  එරට ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතයන් ද මේ සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිතය.

views

172 Views

Comments

arrow-up