ලෝක බලවතාටත් රහස් හෙළි වීමේ තර්ජනයක්

අතිශය රහස්‍ය දත්ත ඇතුළත් ලේඛන රැසක් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීම හමුවේ ඇමරිකාව දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පෙන්ටගනයට අයත් බව කියන එම රහස්‍ය දත්ත අතර ඇමරිකාවේ මිත්‍ර පාර්ශ්ව සහ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව සම්බන්ධයෙන් ඔත්තු බලන ආකාරය පිළිබඳ දුර්ලභ තොරතුරු ඇතුළත් වාර්තා ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ මෙම අනාවරණයත් සමග ඇමරිකාවට ඔත්තු සපයන මූලාශ්‍ර තර්ජනයට ලක් විය හැකි බවත් මෙම හෙළිදරව් කිරීම් හරහා නිසැකයෙන්ම ඇමරිකාවේ විදේශ සබඳතාවලට තර්ජනයක් එල්ල විය හැකි බවත්ය.
එලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති රහස්‍ය දත්ත අතර ඇමරිකාව විසින් දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ යුක්‍රේනය ඇතුළු සිය සමීප මිත්‍රපාර්ශ්වීය රටවල සංවාද සඳහා රහසේ සවන්දීම වැනි අතිශය ආන්දෝලනාත්මක කරුණුද පවතින බව වාර්තා වේ.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ පෙන්ටගනය සිය රහස්‍ය ලියවිලි සහ දත්ත පද්ධති වල ආරක්ෂාව තර කර ඇත.
203 Views
Comments