මූල්‍ය චෝදනා ලැබූ පාකිස්තාන අගමැති අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

මූල්‍ය චෝදනා ලැබූ පාකිස්තාන අගමැති අධිකරණයට

මූල්‍ය චෝදනා ලැබූ පාකිස්තාන අගමැති අධිකරණයට

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඊයේ (8) එරට විශේෂ අධිකරණයක් හමුවේ පෙනී සිටියේය.

 

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් 70 හැවිරිදි ෂෙහ්බාස් ෂරිෆ්ට පමණක් නොව, ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා (47) සහ සුලෙමාන් (40) ට ද චෝදනා එල්ල වී ඇත. සුලෙමාන් ජීවත් වන්නේ මහා බි්‍රතාන්‍යයේය.

 

අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් සමහ පුතුන්ට එල්ල වී ඇත්තේ පාකිස්තාන රුපියල් බිලියන 16 ක මුදලක් විශුද්ධිකරණය සම්බන්ධයෙනි.

 

එල්ල වන එම චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමන් එක රුපියලක් වංචා කර නොමැති බවත්, අග්‍රාමාත්‍යවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

 

ලාහෝර් අධිකරණය හමුවේ නඩුව විභාග වෙද්දී පවා ෂෙහ්බාස් ෂරීෆ් සහ හම්සා ට පෙර ඇප හිමි වී තිබුණු බව ද පාකිස්තාන මාධ්‍ය පෙන්වා දී තිබුණි.

 

පාකිස්තාන ෆෙඩරල් පර්යේෂණ ඒජන්සිය, ෂෙහ්බාස් ෂරිෆ් සහ පුතුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා, ඔවුන්ට චෝදනා ගොනු කළේ 2020 වසරේදීය.

 

ඒ වනවිට, පාකිස්තාන විපක්ෂ නායක ධුරය හෙබවූයේ ෂෙහ්බාස් ෂරීෆ් ය.

 

ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ එම ධුරයේ කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා දැමීමෙන් පසුවය. ඒ, මෙම 2022 වසරේ අප්‍රේල් මාසයේය.

views

241 Views

Comments

arrow-up