නෝඩ් ස්ට්‍රීම් ටූ” ගෑස් නල මාර්ගයේ කාන්දුව තවමත්

රුසියාවේ “නෝඩ් ස්ට්‍රීම් ටූ” ගෑස් නල මාර්ගයේ ද මේ වන විට කාන්දුවක් හඳුනාගෙන තිබේ.
එම නල මාර්ගය පිහිටා ඇත්තේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් මීට පෙර වසා තබන ලද රුසියාවේ “නෝඩ් ස්ට්‍රීම් වන්” විශාලතම ගෑස් නල මාර්ගයට සමාන්තරවයි.
“නෝඩ් ස්ට්‍රීම් වන්” නල මාර්ගය, රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් නුවර සිට බෝල්ටික් මුහුද යටින් ඊසානදිග ජර්මනිය දක්වා කිලෝමීටර 1,200 ක් දුරට විහිදෙයි. මෙම නල මාර්ගය මගින් යුරෝපා සංගමයේ රටවල් සඳහා සියයට 35 ක ගෑස් සපයනු ලැබේ.
මෙම නල මාර්ග දෙකෙහි හිමිකාරිත්වය දරන්නේ, රුසියාවේ රාජ්‍ය සමාගමක් වන, “ගෑස් ප්‍රොම්” සමාගමයි. රුසියාව, මාස ගණනාවක් පුරා යුරෝපයට “නෝඩ් ස්ට්‍රීම් වන්” ඔස්සේ ගෑස් සැපයුම අඩු කරමින් සිටි අතර, බලධාරීන් සඳහන් කළේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් එය සිදු කළ බවයි. ඉකුත් ජූලි මස මෙම නල මාර්ගය, දින 10 ක් වසා තැබුණු අතර, පසුව එය යළි විවෘත කිරීමට “ගෑස් ප්‍රොම්” ආයතනය කටයුතු කළේය.
243 Views
Comments